රග්බි විජයග්‍රහණයට රාජසිංහයන් සූදානම්

රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ රග්බි කණ්ඩායම, 2025 පාසල් රග්බි ලීගය වෙනුවෙන් නව ශක්තියකින් සහ උනන්දුවකින් සූදානම් වේ. නවකයන් සහ පළපුරුදු ක්‍රීඩකයින්ගෙන් සමන්විත කණ්ඩායමක් ලෙස මෙවර තරඟ බිමට පිවිසෙන්නේ, ජයග්‍රහණය අරමුණු කරගෙනයි.

පළමු තරඟය ජූනි 19 වන දින තල්දූව කැලණිවැලි ක්‍රීඩාංගණයේදී, සවස 4ට ආරම්භ වේ. එහිදී ඔවුන් තරඟ වදිනුයේ ඇහැලියගොඩ ජාතික පාසලට එරෙහිවය.

මෙවර කණ්ඩායමට පාසලෙන් සහ ආදි ශිෂ්‍යයන්ගෙන් විශේෂ සහයෝගයක් හිමිවී ඇති අතර, ඒ හරහා ක්‍රීඩකයින් සවිබල ගැන්වී ඇත. රාජසිංහයන්ගේ රග්බි ඉතිහාසය වසරෙන් වසර ශක්තිමත්වී ආවෙමුත්, මෙවර අපේක්ෂාව තවත් ඉහළ යනවා!

මෙම තරඟාවලියට ආරම්භයට ප්‍රථම ආදි රාජසිංහ රග්බි කණ්ඩායම හා මෙවර ක්‍රීඩකයින් අතර පුහුණු තරඟයක් පසුගිය දා පැවැත්වුනු අතර එය කාගෙත් අවධානය ලබා ගත් අවස්තාවක්වුනා !

එම තරඟයේ උද්වේගකර අවස්ථා පහලින් 👇 

Past vs Present Rugby Palyers Encounter of Ruwanwella Rajasinghe Central Collage 2025

මෙවර කණ්ඩායම තුළ නවක ක්‍රීඩකයින් සහ පළපුරුදු ක්‍රීඩකයින්ගේ සුදුසු මිශ්‍රණයක් දක්නට ලැබේ. එය ඔවුන්ගේ ක්‍රීඩා හැකියාව වැඩිදියුණු කර තිබෙන අයුරින් පෙනේ.

කණ්ඩායමේ නායකයා සඳහන් කළේ මෙවර ඔවුන්ට පාසලෙන් සහ ආදි ශිෂ්‍යයන්ගෙන් විශේෂ සහයෝගයක් හිමිවීමයි. මේ නිසාම ඔවුන් තරඟ වදින විට තවදුරටත් විශ්වාසයෙන් පිරී සිටී.

ඔවුන් තරඟ වදින 2 වන කොටසේ A කාණ්ඩය යටතේ මෙවර සිය ලකුණු වාර්තාව තවත් දියුණු කිරීමට බලාපොරොත්තු වේ.

රාජසිංහ විදුහල පිහිටා ඇත්තේ රග්බි සඳහා බහුල නැඹුරුවක් නැති ප්‍රදේශයක නමුත් මේ ක්‍රීඩාවට නමක් උපදවාගත් පාසලක් වීම විශේෂත්වයකි.

මෙවර ක්‍රීඩකයින් 25 දෙනෙකුගෙන් සමන්විත නිල කණ්ඩායමක් පිහිටුවා ඇති අතර, ඔවුන්ගේ අවසාන ඉලක්කය ජයග්‍රහණය බව පැහැදිළිවම පෙනේ.

📸 ඡායාරූපය:
රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලය – 2025 රග්බි කණ්ඩායම (නිල ඡායාරූපය)

පසුගිය වසරේ තරඟ වල විශේෂ අවස්ථා පහලින් බලන්න –

Photos – Rajasinghe College Ruwanwella vs Kegalu Vidyalaya Kegalle | Div 2: Seg A | Dialog Schools Rugby League 2024

Leave a Reply

Your email address will not be published. Required fields are marked *