How to Buy Photos - Step by Step Guide

📸 Photos මිලදී ගන්නේ කෙසේද?

ඔබට අවශ්‍ය ඡායාරූප Watermark රහිතව (Original Quality) ඉතා පහසුවෙන් ලබාගැනීමට පහත පියවර අනුගමනය කරන්න.

1

ඇල්බමයෙන් ඔබට අවශ්‍ය ඡායාරූප තෝරාගන්න (Select Photos)

පළමුව අපගේ ඡායාරූප ඇල්බමය (Album) වෙත ගොස්, ඔබට මිලදී ගැනීමට අවශ්‍ය ඡායාරූප මත ක්ලික් කර ඒවා තෝරාගන්න.

Selecting Photos Guide
2

ඡායාරූප Cart එකට එකතු කරන්න (Add to Cart)

ඔබ තෝරාගත් ඡායාරූප මිලදී ගැනීම සඳහා 'Add to Cart' බොත්තම ක්ලික් කර එකතු කරගන්න.

Add to Cart Guide
3

Order එක Place කරන්න (Place Order)

ඔබට අවශ්‍ය සියලුම ඡායාරූප එකතු කර අවසන් වූ පසු, Cart එක වෙත ගොස් 'Place Order' ක්ලික් කර ඉදිරියට යන්න.

Place Order Guide
4

Offline Payment ක්‍රමය තෝරා මුදල් ගෙවන්න

ගෙවීම් සිදුකිරීම සඳහා 'Offline Payment' ක්‍රමය තෝරාගන්න. ඔබට පහත ක්‍රම දෙකෙන් එකක් මගින් මුදල් ගෙවිය හැක. මුදල් ගෙවීමෙන් පසු එහි රිසිට්පත (Receipt) අප වෙත එවීමට කාරුණික වන්න.

QR Payment Bank Transfer
5

ඔබේ Email ලිපිනය පරීක්ෂා කරන්න (Get Photos via Email)

අප වෙත ලැබුණු මුදල් ගෙවීම් රිසිට්පත තහවුරු වූ සැනින්, ඔබ ඇතුළත් කළ Email ලිපිනයට Watermark රහිත Original ඡායාරූප ස්වයංක්‍රීයව ලැබෙනු ඇත. සියලුම ගනුදෙනු සිදුවන්නේ Email මගිනි.

⚠️ විශේෂ දැනුම්දීමයි:

මෙය සම්පූර්ණයෙන්ම ස්වයංක්‍රීය පද්ධතියක් (Automatic System) බැවින්, ඔබට අවශ්‍ය ඡායාරූප වෙන වෙනම WhatsApp හරහා හෝ පුද්ගලිකව ලබාදීමට හැකියාවක් නොමැත. ඉහත පියවර අනුගමනය කිරීමෙන් පමණක් ඡායාරූප ලබාගත හැක.