රාජසිංහ සහ තල්දූව බෞද්ධ කැලණිගං මිටියාවතේ ගෞරවය රැකගනීවි ද?

කැලණි ගංගා නිම්නයේ පාසල් රග්බි ලීගය නියෝජනය කරන එකම පාසල් දෙක රුවන්වැල්ල රාජසිංහ හා තල්දූව බෞද්ධ රග්බි කණ්ඩායම්

ඩයලොග් වයස අවුරුදු 19න් පහල පාසල් රග්බි ලීගයේ තීරණාත්මක තරඟ දෙකක් ජූලී 4 වෙනිදා කැලණිවැලි ක්‍රීඩාංගණයේ දී තරඟවැදීමට  නියමිතයි.

( පාසල් රග්බි ලීගයට රාජසිංහයන්ගේ සූදානම)

ඒ තල්දූව බෞද්ධ විද්‍යාලය හා කුරුණෑගල ශාන්ත ආනා මහා විද්‍යාලය (සවස 2) ත් රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය හා මහරගම ජනාධිපති විද්‍යාලය (සවස 4 ) ත් තරඟ වැදීමට නියමිතයි.

තල්දූව බෞද්ධ විද්‍යාලය ගියවර දෙවන කාණ්ඩයෙන් ශූරයන් ලෙස පළමු කාණ්ඩයට ගමන් කල කණ්ඩායම, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා පැවැති පළමු තරඟයෙන් ලකුණු 14-6 ක් ලෙස අමිහිරි පරාජයකට ලක්වුනා.

රුවැන්වැල්ල රාජසිංහ කණ්ඩායම මේවනවිට ඔවුන්ගේ කාණ්ඩයේ පළමු තරඟය 42-12ක් ලෙස ඇහැලියගොඩ ජාතික පාසල පාරජය කිරීමට සමත් වී තිබෙනවා.

( රුවන්වැල්ල රාජසිංහ හා ඇහැලියගොඩ ජාතික පාසල අතර තරඟයේ විශේෂ චායාරූප )

ඉදිරියටත් මෙම කණ්ඩායම්වල තොරතුරු ලබාදීමට අප සුදානම් !

පාසල් රග්බි සම්මේලනයේ නිවේදනය
Leave a Reply

Your email address will not be published. Required fields are marked *