• Date: July 1, 2025
  • Author: Dilantha Walpola
  • Category: News,Sports
  • Comments: 0

කැලණි ගංගා නිම්නයේ පාසල් රග්බි ලීගය නියෝජනය කරන එකම පාසල් දෙක රුවන්වැල්ල රාජසිංහ හා තල්දූව බෞද්ධ රග්බි කණ්ඩායම්

ඩයලොග් වයස අවුරුදු 19න් පහල පාසල් රග්බි ලීගයේ තීරණාත්මක තරඟ දෙකක් ජූලී 4 වෙනිදා කැලණිවැලි ක්‍රීඩාංගණයේ දී තරඟවැදීමට  නියමිතයි.

( පාසල් රග්බි ලීගයට රාජසිංහයන්ගේ සූදානම)

ඒ තල්දූව බෞද්ධ විද්‍යාලය හා කුරුණෑගල ශාන්ත ආනා මහා විද්‍යාලය (සවස 4) ත් රුවන්වැල්ල රාජසිංහ විද්‍යාලය හා මහරගම ජනාධිපති විද්‍යාලය (සවස 2 ) ත් තරඟ වැදීමට නියමිතයි.

තල්දූව බෞද්ධ විද්‍යාලය ගියවර දෙවන කාණ්ඩයෙන් ශූරයන් ලෙස පළමු කාණ්ඩයට ගමන් කල කණ්ඩායම, පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය හා පැවැති පළමු තරඟයෙන් ලකුණු 14-6 ක් ලෙස අමිහිරි පරාජයකට ලක්වුනා.

රුවැන්වැල්ල රාජසිංහ කණ්ඩායම මේවනවිට ඔවුන්ගේ කාණ්ඩයේ පළමු තරඟය 42-12ක් ලෙස ඇහැලියගොඩ ජාතික පාසල පාරජය කිරීමට සමත් වී තිබෙනවා.

( රුවන්වැල්ල රාජසිංහ හා ඇහැලියගොඩ ජාතික පාසල අතර තරඟයේ විශේෂ චායාරූප )

ඉදිරියටත් මෙම කණ්ඩායම්වල තොරතුරු ලබාදීමට අප සුදානම් !

පාසල් රග්බි සම්මේලනයේ නිවේදනය
Leave a Reply

Your email address will not be published. Required fields are marked *